ඈ,
නම්වස්සානයේ වැහි පොද අතරින් ඇවිද යන්නාක් වැනි,
සියුම් ස්පර්ශයන් නුඹ සම, දෙඇස්, කෙස් අතර රඳවා,
ආශ්වාදයෙන්
සිත, ගත කළඹා හරින...
දැවී දැවී ආදර කුණාටුවේ,
වෙලෙමින්,
ඒ පිපාසාවේ....
ගයයි
ඔහු ආශ්වාදයේ ගීයන්...
යන එන මං නොදැන හෝ,
නොදැක...
එපා නුඹ එන්න යලිත් මෙහි
කියන තුරු
ඈ...
අහෝ!
නුඹ බලා සිටි ඒ වැසුනු දොර දෙස...
සුසුම් හෙලයි
ඒ වස්සානයේ හඩට...
යලි අත්විදිය නොහැකි ස්පර්ශයක
මතකයකට....
මුළු රැයක් පුරා... වස්සානය ඇද හැලෙයි
කඩින් කඩ...
සවන් පුරවයි
ඒ
නිමක් නැති නිහැඬියාවේ අඳෝනාව....
නුඹ...
යදිවී, නුඹෙන් අමතක කරන්න....
ඒ ස්පර්ශය.... ඇසිය යුතුමද යලි යලිදු
වස්සාන ගීතය
අසාවී නුඹ නුඹෙන්
සිරකරුවෙක්දැයි කියා නුඹ
මේ
සදාතනික වූ
අඳුරු හීනයේ....
අහෝ ආදරය....
නුඹ මා හට ආලය කරත් නම්...
සැතපෙන්න මා ළඟින්...
මේ වස්සානය සේම...
නුඹ කියාවී
මුදාලන්න මා මේ වෙහෙසකර වූ
උදාසීනත්වයෙන්...
ගල්වාලන්න සියොලඟ
නුඹ වෙත වූ
තෙත් වූ
සරාගීත්වය
මං මේකට කලින් කමෙන්ට් එකක් දැම්මනේ...
ReplyDeleteආ නෑ මටයි වැරදුනේ.. සමාවෙන්න.. ඒ කලින් කවියනේ..
ReplyDeleteඔබේ කවි නිර්මාණ හරිම අපූරුයි පාශා.. දිගටම ලියන්න..