Sunday, October 20, 2013

මිලේච්ඡයෝ එනතුරු


මට මුලින්ම ලැබෙන්නේ බොරු. ඔයාට තේරෙනවාද, ඒක තමයි වෙන්නේ. මුලින්ම බොරු.ඊළඟට පීඩනය.ඊට පස්සේ වැඩි බොරු තොගයක් වගේම වැඩි පීඩනය. ඊට පස්සේ බිඳ වැටීම. ඊට පස්සේ ආපහු වඩා වැඩි පීඩනය. ඊට පස්සේ ඇත්ත. එහෙමයි අපි ඇත්ත ලබා ගන්නේ

          *******************************************************************

 .
කිසි කලෙක ඔවුන්ගේ ආචාරය මෙතරම් ගෞරවන්විත වී නොමැත. "මම දන්නවා, අපි හැමෝම මිනිස්සු. ගෑනියෙක් නිසා ඕනම මිනිහෙක් මෝඩකම් කරන්න පුළුවන්" යැයි ඔවුනට හැකි වී නම් ඔවුන් මට කියනවා ඇත.

           *******************************************************************                  

ආදරේක පැටලෙන මෝඩයෙකුට හැමෝම හිනා වෙනව, ඒත් හැමවෙලේම අන්තිමට එයාට සමාව ලැබෙනවා 

*******************************************************************
ඔයාට තේරෙන්නේ නෑ. මම රළු ලෙස කියමි. ඇය සිය උරහිස් හකුලවයි. මම නොනැවතී කියාගෙන යමි.කථාවේ සම්පූර්ණ පැත්තක්ම ඔයා දන්නෙ නෑ. ඒක එයා දැනන් හිටියෙත් නෑ. ඒ නිසා එයාට ඒක ඔයාට කියන්න පුළුවන්කමක් තියෙන්න විදිහකුත් නෑ.දැන් මට ඒක ගැන කතා කරන්න වුවමනාවකුත් නෑ.

          *******************************************************************
"ආයුබෝවන්" මම කියමි
"ආයුබෝවන්" ඇය  කියයි
මගේ මෙන්ම ඇගේ ස්වරයේ ද ජීවමය බවක් නොමැත.
                                   
Related Posts Plugin for WordPress, Blogger...