පෙම්වතුනි අමතක කර දමා ඔබේ ආලය
සවන්දෙන්න මේ ආදර කතාව ට,
ඈ කවුළුවෙහි රැඳි මලකි,
ඔහු වනා හි ශිශිරයේ සුළඟ...
කවුළුව සරසන තුහින වේලය
ඉරමුදුනත් කල විලීන වෙද්දී,
කූඩු වූ පඬු කුරුල්ලා
ඇයට ඉහලින් තාලය හසුරුවද්දී
ඔහු ඇයට සන් කොට
යාවි ඈ පසු කොට,
නැවත එන්නට ගොම්මන් අඳුරත් රැගෙන...
ඔහු වූ කලි ශිශිරයේ සුළඟයි...
ආදරයක් නොදන්නා
හිම කැට, තුෂර
මියැදුන තුරු හා හුදෙකලා සියොතුන්
ඔහු හා සම්බන්ධයි
එනමුත් ඔහු සුසුම් හෙලයි.
එලිපත්ත මත හිඳ
ඇතුලත සිටියන් හට පවා
දැනෙන්නට
තම සිත,
සොලවයි
ඔහු ඒ වීදුරු රාමුව,
අඩමානයේ රැඳි සිතින්
ඔහු රැදේවී එක්ව පලා යන්නට
ගෙන ඇයව,
ඇගේ උණුසුම් වූත්, ප්රභාවත් වූත්
කවුලු රාමුවෙන් එපිටට...
පසුදින උදෑසන
ශිශිර සුළඟ ගොස් ඇත බොහෝ දුර,
නිමාව සනිටුහන් කොට ඇතියෙන්
කවුලුවේ රැඳි මල
හිස ගස්සා සන් කොට
Wind and the Window flower by Robert Frost