කා හටත් කිව නොහැකි ප්‍රාර්ථනාවක්...එක් රහසක්... කිව හැක්කෙකු සොයා වෙහෙසුනෙමි...
රහසක් පැවසිය හැකි අයෙකු සමුවිය සීතල දිනෙක මා හට... මුදා හැරියෙමි ඒ රහස... පොද වැස්ස තුරුල් වූ විටෙක තම කුසගින්න නිවා ගන්නනට ආ නිල් සමනලයෙකුට....
රහසක්?
මගේ රහස් පැතුම අසන්නට කල ඇරයුමින් සතුටින් දෝතට ආ ඒ දූතයාට පැවසීමි මම මගේ පැතුම..අනේ සමනලයෝ...නුඹත් ඒ පැතුම රස කර කර අහපු හැටි...
නුඹටත් සතුටුයි නේද? ඔව් නුඹට සතුටුයි, මා නුඹව විශ්වාස කරපු එකට
මුදාහලෙමි ඒ සොඳුරු ආගන්තුකයා අහසට සැනසුම් සුසුමක් හෙලමින්...ඔව් මටත් සතුටුයි, මගේ රහස නුඹට කියපු එක ගැන...
ඇයි නුඹේ මුහුණේ සියුම් දුකක්?
ඔව් සමනලයෝ මම ඒක දන්නවා...
ගොළු සමනලයෝ... නුඹ කාට මගේ රහස කියන්නද?
බය වෙන්න එපා..සමනලය කාටවත් කියන එකක් නෑ බං
ReplyDeleteබය නොවී ඉදින් ඌ සමනලයෙක් වූ නිසාත් කතා කල නොහැකි නිසාත්. නමුත් කිසිදු රහසක් නොකියන්න තම මවට හැර වෙන එයෙකුට. මක්නිසාද යත් කිසිවෙක් එය සුරකින්නේ නැති බැවින්.
ReplyDeleteසමනලියේ දිගටම ලියන්නකො එහේනම්.....
ReplyDelete@ සනෝජ් : ඔව්... කියන්න බැරි නිසා තමා මම සමනලයෙක්ම තෝරලා කිව්වේ
ReplyDelete;)
@බට්ටි: මව වෙත වුවද කිව නොහැකි රහසක් වේ නම්... කිව හැක්කේ කාටද? අපි හැමෝටම කාටවත් කියා ගන්න බැරි රහසක්.. දෙකක් තියෙනවා නේද?
@රාජ්: බොහෝම ස්තූතියි.... :)
[QUOTE]ගොළු සමනලයෝ... නුඹ කාට මගේ රහස කියන්නද? [/QUOTE]ගොළු අයට කන් ඇහෙන්තෙත් නෑ...............පව් අප්පා සලමලයා !!!!! (((s)))
ReplyDelete