Saturday, December 31, 2011

දෙදහස් එකොලහේ පව් සමාකරගැනීම






2011 අවුරුද්ද ගෙවිලා 2012 ලබන්න තව ටික වෙලාවයි.අළුත් බ්ලොග් එක පටන් ගන්නකොටම හිතා ගත්තා පුද්ගලික දේවල් වලින් මේක පුරවන්නේ නෑ කියලා. නමුත් 2011හේ අන්තිම පැය කිහිපය ගතවෙන වෙලාවේ ඒකට පොඩි exception එකක් දෙන්න කියලා හිතුවා... 


Sunday, December 25, 2011

අපි දන්න නොදන්න නත්තල





Christmas නැත්තම් Xmas කියලා අපි හඳුන්වන සීතල නත්තල ගැන කියන්නයි අද කල්පනාව... නත්තල ගැන අපි මොනවද දන්නේ... ජේසු බිළිඳු මෙලොවට පැමිණි නත්තල දින ගැන අපි නොදන්න දේවල් කොච්චර ඇතිද? Let's see what we know and Don't know about Christmas...

Sunday, December 11, 2011

Depression....Have You ever Felt like this??



මහ වැස්සකුත් වැහැලා පෑව්වා... අළු පාට අහසක්, ගොරවලා, විදුලි කොටලා අහස නිසොල්මන්... හිතත් ඒ වගේද කියලා මට හිතෙනවා... ලියන්න කියලා  Log in උනත් ලියන්න කිසිම දෙයක් හිතට එන්නේ නෑ. 


දැනිලා ඇති ඔබට, දරා ගත නොහැකි ශෝකී හැඟුමන්,හිස්බව,අසරණ, බලපොරොත්තු රහිත බව,නොරිස්සීම නැත්තම් කෙටිම අර්ථ කතනය  මානසික අවපීඩනය හෙවත් Depression... 


 I don't know why, but I feel so depressed....මෙහෙම හිතෙන වෙලාවල් කොපමණද? 


මම හිතලා බැලුවා.


මේ ලොකේ Depression වලින් පීඩා නොවිදි කෙනෙක් හොයා ගන්න යන්න ගියොත්, ඒක කිසා ගෝතමී කිසිවෙකුත් නොමල ගේකින් අබ මිටක් හොයා ගන්න ගියා වගේ වැඩක් වෙයි....


Monday, December 5, 2011

ලක්ෂ්මී හමුවීම....







ඔවුන් මධ්‍යයේ තැනෙක ලක්ෂ්මීයද සිටිය යුතුමය. උද්යෝගයෙන් හා නො ඉවසිල්ලෙන් යුතුව ඔහුගේ ඇස් ඒ මේ අතට යොමුවිය. 

ඔහුගේ රාධා කොහිද? ඔහුගේ අම්භිකා සහ රුක්මණී කොහිදැයි ඔහු කල්පනා කලේය.

 ඔහුගේ සදාකාලික ප්‍රේමය, ඔහුගේ නිත්‍ය වූ අනෙක් අර්ධය නොමැති තැන ඔහු අසම්පූර්ණ ය.

එක් එක් දේවරූප එහා මෙහා වෙද්දී ඇයගේ රුව තමා වෙතට ළඟා වනු ඔහුට පෙනිණි.


Sunday, December 4, 2011

ප්‍රේමාග්නියේ භාවගීය



 සිත පතුලේ දැවෙන කිසිවක් ලැව් ගින්නක් සේ
පැතිරෙමින් මා ගත, සිත වෙලාගෙන...
මා යටපත් කර පණපිටින් දවා හලන
වියරු වූ අග්නිය...
දවාලයි මා,
ගිනි දළු වටකොට


Thursday, December 1, 2011

සරාගීත්වයේ පද




"ප්‍රශ්නයක් අහන්න උත්තර දෙනවද? කෙනෙක්ට පුළුවන්ද තමාට වඩා අඩු පෞර්ෂත්වයෙන් අඩු කෙනෙකුට ආදරය කරන්න?" මෝර්ෆින් එන්නත ශරීරගත කිරීමෙන් පසු ප්‍රබෝධමත් ව සිටි කැරවජියෝ තර්කයට මුල පුරමින් ප්‍රශ්න කලේය.

"මේක කල් පහු වෙලා ආරම්භ වුනු මගේ ලිංගික ජීවිතය පුරාම මගේ අවධානය යොමු වූ කාරණයක්"කෙනෙක් සමඟ කථා කිරීමෙන් ලිංගික සතුටක් ලැබිය හැකි බව මම තේරුම් ගත්තේ විවහ වුනාට පස්සේ. ඊට කලින් මම කවදාවත් දැනගෙන හිටියේ නෑ වචන වල රාග නිශ්‍රිත සෘංගාරාත්මක බලයක් තිබෙන බව. සමහර අවස්ථා වලදී කායික සම්බන්ධයක් පවත්වනවාට වඩා ගැහැනියක් සමඟ කතා කර කර ඉන්න මම කැමතියි.

Related Posts Plugin for WordPress, Blogger...