Tuesday, February 28, 2012
මතකය
පෝයත් ගෙවිලා ගියා. මිදුලට ඉහලින් කලුවර අහස මැද දිදුලන හඳ දිහාව මම ටිකක් වෙලා බලාගෙන හිටියේ ඒ වෙලාවේ කිසිම අරමුණක සිත නොතිබුන නිසයි.
පුංචි තරු ගොන්නක් මැදි කරගෙන හරි ආඩම්බරයෙන් දිලිසෙන හඳහාමි,නුඹ ගැන ඇති මතකයට කාල දින වකවානු හදා ගන්නට නොහැකිව මා සිතින් දැවෙන විට නුඹ පෙර පරිදිම හිනා වෙන හැටි!
එදා වගේම නුඹ අදත් හරි හැඩයි,නෙතට ප්‍රියයි. පොඩි කාලේ හඳ ඉල්ලා හැඩුවා නේද කියලා මතක් වෙද්දී හිතට සියුම් ලැජ්ජාවක් ආවත් ඒ නොලැබුනු හඳ නිසා ජීවිතය ගැන ඉගෙන ගත්ත පාඩම ගැන මම හදට ස්තූතිවන්ත වෙන්න ඕනේ කියලා එක පාරටම මට හිතුනා.
නුඹ මට කියා දුන්න ඒ පොඩි පාඩම මාව ජීවිතයේ ගොඩක් ඉස්සරහට ගෙන ගිය බව නුඹ හට නොකිව්වද, මට පමණක් ඇහෙන මේ සිතිවිලි කියනවා. හිනා වෙන්න, ඇති තරම් හිනා වෙන්න!
මගේ කිසි තරහක් නෑ. නුඹට නොපෙනුනද නුඹ ගැන දුටු සිහින කන්දරාවේ නටඹුන් අදටත් මේ සිතේ අදුරු කොනක සැගවී තියෙන බව මම අකමැත්තෙන් උනත් පිලිගන්නවා.
ඒත්!
නුඹ එය දැන නොගන්නේ මා පළදාගෙන ඇති වෙස් මූණට පින් සිද්ද වෙන්න. මොන දේ උනත් කමක් නෑ කියලා හිතේ කහටක් නැතුව ස්තූතියි කියන්න හැදුවත් මම,මොනවා කරන්නද….
ඒදා වගේම තමයි අදටත් නුඹට මා නොපෙනෙන අපූරුව
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment