Saturday, January 28, 2012
දයාබර ප්‍රශ්නවැල...
ප්‍රශ්න... ජීවිතය වෙලාගෙන හෙමිහිට ගෙල මිරිකා දමන්නට උත්සහා ගන්නා මහා එපා කරපු සතුරෙක්ගෙ වෙසක් අරගෙන ජීවිතයට ආයෙත් එබිකම් කරන්න අරන්. උඹට නොතේරුනාට, මම හුස්මක් අරන් ආයෙත් ජීවත් වෙන්න හැදුවා විතරයි... දයාබර ප්‍රශ්නවැල...උඹ කලුවර කොනකට වෙලා හැංගි හැංගි කල් මරලා ලක ලෑස්ති වෙනවා. මටත් නොදන්වා සිනාවක අග්ගිස්සක එල්ලිලා, මුලු ජීවිතේම අපායක් කරන්න කඩාපාත් වෙනවා. එක අතකට උඹේ ඇති වැරැද්දක් හොයා ගන්නත් බෑ... ඒ තරමටම උඹත් හරියට නැතුවත් බැරි ඇතුවත් බැරි කෙනෙක් වෙලා...
දැන් නන් වැඩිපුර හිනා වෙන්නෙත් හරි සෝදිසියෙන්. හිනා වෙන තරමටම අඩන්න වෙනවා කියලා උගන්නන්න නුඹ ඒ දවස් වල හරි උජාරුවට වටිනා සලුපිලි දවටාගෙන ඇවිත්, මගේ වටේ කැරකි කැරකී ඔච්චම් කරපුවා දැන් නන් මතකත් නැතුව ඇති.
ජීවිතය කියන්නේ පාවි පාවී ගෙවන්න පුලුවන් සුන්දර කාල පරිච්ඡේදයක් නෙවේ කියලා මට ඒත්තු ගන්වන්න උඹ වෙහෙස උන හැටි, මම ඒ පාඩම දුක් මහන්සියෙන් ඉගෙන ගන්න දිහාව උඹ උපෙක්ෂාවෙන් බලාගෙන හිටපු හැටි...
නුඹේ එක් කඩඉම් විභාගයක් ජයගෙන උදම් වෙන මට,නැවත නැවත එක පිට එක පරික්ෂණ රැසක් පනවපු විදිහ මම කොහොම අමතක කරන්නද....
දැන් මට මහන්සියි, මට තෙහෙට්ටුයි... නුඹ සමග හැප්පෙන්න තරම් මට දැන් හයියක් නෑ... උඹ ආයෙම මගේ ජීවිතේට එන්න කලින් ටික කාලයක් මට ජීවත් වෙන්න අවසර දෙන්න.... මටත් ජීවිතයේ වින්දනීය පැත්ත ගවේශනය කරන්න දෙන්න... ඒදා වගෙමයි...උඹ අදත් කිසි පිලිතුරක් නොදී නිහැඩියාවෙන් මාව පෙලනවා... නමුත්
මම උඹ එක්ක තරහා නෑ.
Subscribe to:
Post Comments (Atom)
අපි අකමැත්තෙන් ජීවිතේට ලං වෙන දෙයක් තමයි ප්‍රශ්ණ කියන්නේ..
ReplyDelete