සිත පතුලේ දැවෙන කිසිවක් ලැව් ගින්නක් සේ
පැතිරෙමින් මා ගත, සිත වෙලාගෙන...
මා යටපත් කර පණපිටින් දවා හලන
වියරු වූ අග්නිය...
දවාලයි මා,
ගිනි දළු වටකොට
නිව දමන්නෙමි, සිතමි,
වෙහෙසෙමි නිවාලන්නට
මේ ගිනිදළු...
උදුරා දැමිය නොහැකි නිසාවෙන්
හදවත...
මටම හොරා මා විඳිනා
ආදරය,
දවා ලන තුරු මා
අනුරාගය....
හිත් පතුලේ නිද්‍රාශීලීව
හිද,
අණසක පතුරුවා මා වහලෙකු කරන
වියරු වූ අනුරාගී ආදරය...
දිගු රාත්‍රීයන් හී
මා අවදිකර
ගයයි,
සෞම්‍ය වූ ප්‍රේමාග්නියේ
සොඳුරු භාවගීය...
අනුරාගය....
නුඹ පිළිබඳ වූ
මගේ අරුත්ගැන්මෙන් ආතුර වූ
මම,
තුටින්
රෑ මුළුල්ලේ රුහිරය වපුරුවා,
ඉරිමා උදයේ,
උදාන ගී ගයන්නෙමි
නුඹට මම
තවත් දවසක්
නුඹ මට ආදරයේ
ආශ්වාදජනක වූ
ප්‍රේමයේ සොඳුරු ධාන්‍යයට
සමවැද අනුරාගයේ භාවනාවක
වෙලෙන්නට දුන්
අවසරය නිසාවෙන්...
නුඹ
මා හා ඇති
වින්දනාත්මක වූ දාහයෙන්
දැවෙන්නෙමි මා
සදාකල්,
නුඹ හැර ගියෝ
හිස් වූ
අඳුරු කුටි තුල
සෙමෙන් මිය යන
අයුරු දැක
ම් කියෙව්වා..අනේ මන්දා :h :h
ReplyDelete