Monday, December 5, 2011

ලක්ෂ්මී හමුවීම....







ඔවුන් මධ්‍යයේ තැනෙක ලක්ෂ්මීයද සිටිය යුතුමය. උද්යෝගයෙන් හා නො ඉවසිල්ලෙන් යුතුව ඔහුගේ ඇස් ඒ මේ අතට යොමුවිය. 

ඔහුගේ රාධා කොහිද? ඔහුගේ අම්භිකා සහ රුක්මණී කොහිදැයි ඔහු කල්පනා කලේය.

 ඔහුගේ සදාකාලික ප්‍රේමය, ඔහුගේ නිත්‍ය වූ අනෙක් අර්ධය නොමැති තැන ඔහු අසම්පූර්ණ ය.

එක් එක් දේවරූප එහා මෙහා වෙද්දී ඇයගේ රුව තමා වෙතට ළඟා වනු ඔහුට පෙනිණි.




 වළාකුළුවලින් සඳ මෑත් වන්නා සේ, වර්ෂාවකින් පසු යළි තාරකා පායන්නාසේ ඇය ඔහු වෙත ඇවිද ආවා ය. ගංගා ජලයෙන් ඇගේ සිරුර තෙතබරියම් වී තිබිණි. ගෙල වටා මල් මාලයක් පැළඳ සිටි ඇගේ සමෙන් වහනය වූයේ දිව්‍යමය සුගන්ධයකි. 

ඇය තම අත් සතර ම ඔහු වෙත දික් කළාය. තමාට ඒ අත් සතරම තම එක අතකින් අල්ලා ගත හැකි බව ඔහුට වැටහිණි.ඇගේ අතැඟිලි තමා ස්පර්ශ කෙරෙන අයුරු ඔහුට දැනුනේය. 

එය තව දුරටත් මානුෂික දැනීමක් හා සමාන වූයේ නැත. එය ඊට වඩා ගැඹුරු හා ගාම්භීර, ආදරයෙන් බැඳුණ විට ආත්මයන් අත්විඳින දැනීමක් වූයේ ය. ඇගේ අත්වලින් ඔහු වැළඳ ගැනිණ. දැනීම, විඳීම ඔහුගේ පපු ප්‍රදේශයෙන් පහළට උදර ප්‍රදේශයට දෙකලවා වලට විහිද ගියේය. 

ඔවුන් එසේ සම්බන්ධ වන ඕනෑ ම අවස්ථාවක මල් පොහොට්ටු විකසිතව ඒවායින් ඵල හට ගැනිණි. ඔවුන්ගේ සම් මතින් පහළට පිරිසිදු ක්ෂිරය ගලා ගියේය. අවට බිම පුරා බිම්මල් පිපෙන ආකාරය ඔහුට පෙනිණි. ඒ බිම්මල් වල කහ පැහැති හිස් සූර්යයා දෙසට හැරී තිබිණි. ඇය සිය දෙතොල් ඔහුගේ දෙතොල් මත තැබුවාය. වනාන්තරයන්හී සශ්‍රීක බව හා සුපිරිසිදු දිය කඳුරු වල මිහිර ඔහු රස වින්දේය. 

ආත්ම ගණනාවක් පුරා තමන් හා ගමන් කල තැනැත්තියගේ මුහුණ දෙස ඔහු බැලුවේය. ඔහු ඇගේ කොටසකි

විෂ්ණුගේ මරණය - කුමාර සිරිවර්ධන (The Death of Vishnu by Manil Suri)

1 comment:

  1. //ඔහු ඇගේ කොටසකි//

    නියමයි.. ජය...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...