Wednesday, June 12, 2013
වෙඩින් Talk...
ඇයි දන්නේ නෑ ගෝල් ෆේස් හොටෙල් එකේ ගත්තේ, සිනමන් ග්‍රෑන්ඩ් ගන්න තිබ්බේ! රිසර්ව් කරගන්න බැරි වෙන්න ඇති..
කව්ද ඩ්‍රෙස් කරල තියෙන්නේ? අහ්! රමණි ද? බ්‍රයිඩ් ගේ මේකප් එක එච්චර හරි නෑ නේද? අයියෝ තෝරගෙන තියෙන පාටවල් ටික, රෝසයි සුදුයි.. හරිම කැතයි...
සාරිය නන් ලාබ එකක් වගේ... මනමාලයාගේ හැටි බලන්නකෝ...
සරසලා මදි වගේ නේ.. කවුද දන්නේ නෑ මල් කරේ?
මේ වෙල්කම් ඩ්‍රින්ක් එක අමුතු රහයි...
හ්ම්... මනමාලිගේ අම්මා බලන්නකෝ, මේකප් වැඩී නේද?
දන්නේ නැති කෙනෙක් නේ ෆොටෝස් ගන්නේ! ෆොටෝස් ටික හරි නැති වෙයි...
අයියෝ! බෑන්ඩ් එක හරි සද්දයි! මේරියන්ස්ලා ව ගෙන්න තිබ්බේ..
වෙඩින් කේක් එක හරි පොඩි නේ... කෑමත් පරක්කුයි...
කෑම හරි නෑ නේ. මම නන් පොඩ්ඩයි කෑවේ.
සවුත්තු අයිටම්ස් වගයක් නේ තිබ්බේ, අපි ගිය වෙන වෙඩින් එකක ලස්සන නැටුම් වගයක් තිබ්බා
කපල් ඩාන්ස් එක බලන්නකෝ දෙන්නට හරියට නටන්නත් බෑ...
දෙන්නාට යන්න තියෙන වාහනේ බලන්නකො...
සවුත්තු වෙඩින් එකක්...
Subscribe to:
Post Comments (Atom)
පාශා සෑහෙන කාලෙකින්. හැක්.. ඔය මදි බොල වෙඩින් ටෝක්.. ඉස්ම යන්නම තියෙනවා බොන්න නොදුන්නොත්..
ReplyDeleteඒක ඇත්ත... බොන්න දුන්නාමත් තව ගොඩක් දේවල් වෙනවානේ... මේ වෙඩින් මාස වලදී ඇහෙන වචන වලින් බොහෝම පොඩ්ඩක් විතරයි...
ReplyDelete:)
වෙඩින් ටෝක්ස් ගැනනම් කියලා වැඩක් නෑ.. අපිට හැමෝවම 100% සතුටු කරන්න බැරි වෙන එකම තැන ඕකමද කියලත් හිතෙනවා..
ReplyDelete