මහ වැස්සකුත් වැහැලා පෑව්වා... අළු පාට අහසක්, ගොරවලා, විදුලි කොටලා අහස නිසොල්මන්... හිතත් ඒ වගේද කියලා මට හිතෙනවා... ලියන්න කියලා Log in උනත් ලියන්න කිසිම දෙයක් හිතට එන්නේ නෑ.
දැනිලා ඇති ඔබට, දරා ගත නොහැකි ශෝකී හැඟුමන්,හිස්බව,අසරණ, බලපොරොත්තු රහිත බව,නොරිස්සීම නැත්තම් කෙටිම අර්ථ කතනය මානසික අවපීඩනය හෙවත් Depression...
I don't know why, but I feel so depressed....මෙහෙම හිතෙන වෙලාවල් කොපමණද?
මම හිතලා බැලුවා.
මේ ලොකේ Depression වලින් පීඩා නොවිදි කෙනෙක් හොයා ගන්න යන්න ගියොත්, ඒක කිසා ගෝතමී කිසිවෙකුත් නොමල ගේකින් අබ මිටක් හොයා ගන්න ගියා වගේ වැඩක් වෙයි....
Depression අපිට තියෙනවාද කියලා හොයාගන්නේ කොහොමද? 2009 ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) වාර්ථා වලට අනුව ශ්‍රී ලංකාවේ ලක්ෂ හතරකට වැඩි සංඛ්‍යාවක් මේ තත්වයෙන් පීඩා විඳිනවා.
බලාගෙන ගියාම ගැහැනු හා පිරිමි මේ ස්වාභාවයට මුහුන ගෙන ආකරය වෙනස්ලු... (Can't be surprised by that, now can we?)
ගැහැනු අය කෑම ජාති වැඩිපුර කන්නත්(over eating) වැඩිපුර නිදාගැනීමටත් පෙලඹවෙනවාලු (excessive sleeping).ඒ වගේම හවස් වෙනකොට තරහ යනවාත් වැඩීලූ (bad mood,anyone?).
පිරිමි අය නම් අලස ගතිය, එපාවීම් වගේම(lack of interest), අධික තරහා යෑම(frustration and anger) හා ඇතැම් විට අවදානම් කටයුතු වල නිරත වීම් හා ඇබ්බැහි වීම් ( ඒ කියන්නේ බීමට වගේ ) ඔවුන්ගේ හැසිරීම් රටා වල පෙන්වනවාලු.

මගේ අදහස අපි විඳින්න ඕනෑ ජීවිතය විහින් විඳවන්න ගිහින් නිකරුනේ මෙලොව ඉදිද්දිම අපාගත වෙනවා... ජීවිතයේ ලස්සන අපිට අමතක වෙනවා..
බොහෝ විට අහිතකර මානසික තත්වයන් උදහරන විදිහට අහිමි වීමක් ( යම් කෙනෙක්, දෙයක්) මම නම් හිතන්නේ ආදර සම්බන්ධයක්, විරැකියාව හෝ රැකියාවක් අහිමි වීම වැනි දේවල් depression වලට හේතු වෙනවා. ගොඩක්ම දුරට බලාපොරොත්තු කඩවීමක් තමයි... (I'm not talking about Bi-polar disorder here)

එහෙම එකේ මිනිසාට ඇති එකම දේත් බලාපොරොත්තුව විතරයි...
මොන දේ වුනත් හොඳ හෙටක් ගැන බලපොරොත්තු වෙන්න ඕනේ... පිළිකාවක් හැදුනු මනුස්සයෙක් පවා හෙටක් ගැන පොඩි හරි බලාපොරොත්තුවක් තියෙන එකේ... අපි පොඩි පොඩි ප්‍රශ්න නිසා Depress වෙන්නේ මොකටද? මටනන් හිතෙන්නේ එහෙමයි....

අපිට හම්බ වුනු මේ ලස්සන ජීවිතය විහින් නසා ගන්නේ මොකටද? ජීවිතය කවදත් ලස්සනයි!
Bi-polar disorder කියන්නේ Depression සහ Mania කියන අන්ත දෙක අතර සිත සිරවීම කියලයි මම අහලා තිබ්බේ. අපේ ක්ලාස් එකක සයිකෝ පාඩමකට කලා මතකයි. කාලෙකට අහුමුලු වල ඉන්න කස්ටිය කාලෙකට එලියට ඇවිත් සමාජ ගත වෙනවලු. ආයෙත් කාලෙකට නැහැලු..
ReplyDeleteහොද පොස්ටුවක් - මම මේ පැත්තෙ ආවමයි..
ඔව්...Bi-Polar Disroder කියන තත්වය මීට වඩා වෙනස්... මම මෙතන කතා කරන්න උත්සහ කලේ එදිනෙදා අපි මුහුන දෙන Depression තත්වයන් ගැනයි... බොහොම ස්තූතියි මේ පැත්තේ ආපු එකට... ආයේ එන්න...
ReplyDeletegoooooooood
ReplyDelete