Sunday, December 25, 2011

අපි දන්න නොදන්න නත්තල





Christmas නැත්තම් Xmas කියලා අපි හඳුන්වන සීතල නත්තල ගැන කියන්නයි අද කල්පනාව... නත්තල ගැන අපි මොනවද දන්නේ... ජේසු බිළිඳු මෙලොවට පැමිණි නත්තල දින ගැන අපි නොදන්න දේවල් කොච්චර ඇතිද? Let's see what we know and Don't know about Christmas...



අද අපි දෙසැම්බර් මාසේ 25වෙනිදා සමරන නත්තල ක්‍රි.ව 200 දී ගත්ත තීරණක් නිසා සිදුවූවක්. මෙම දිනය ලෝකය පුරා විවිධ දිනයන්හී සමරන ලද ක්‍රිස්තුස්වනන්සේ ගේ උප්පත්තිය එක් දිනයක් කරා ගෙන ඒමට ගත් උත්සහයක්. ආදී රෝමයේ සූර්යය උප්පත්තිය සමරුවා කියන මෙදින මෙතුමාගේ ජන්ම දිනයත් යෙදිය යුතු යැයි තීරණය වුනා ලු. St. Cyprian ට අනුව “O, how wonderfully acted Providence that on that day on which that Sun was born . . . Christ should be born.”









ඉතින් මෙහෙම දිනය වෙන් කරගත්ත නත්තල් දවස වෙනුවෙන් අපි හදන ගවලෙන තුල තියන පොඩි පිළිම නැත්තම් Nativity Set එක දන්නවානේ එතන දැකලා තියෙනවද එක්තරා සාන්තුවරයෙක් ඉන්නවා? සතුන් පාලනය කිරීමේ බලය සහිත St. Francis... පුදුම වැඩේ කියන්නේ මේ එක භාවිතයට අරන් තියෙන්නේ නැත්නම් හොයාගෙන තියෙන්නේ St. Francis ලූ. ඒ 13 වැනි ශතවර්ෂයේදී යි.









ඔන්න ගවලෙනක් එහෙම හදලා අපි නත්තල් තෑගි ගන්නත් ඔතන්නත් පටන් ගන්නවානේ...මේ පුරුද්ද අපිට ආවේ කොහෙමද? බලාගෙන ගියාම මේක අතීත රෝමානුවන්ගේ පිලිවෙතක් ලු. ඔවුන් ස්ට්‍රැටීනා දෙව්දුව වෙනුවෙන් නම් කෙරුනු අලුත් අවුරුද්ද සැමරීම උදෙසා රෝමානුවන් විසින් කල එක් දෙයක් ලූ තෑගි බෝග බෙදාහදා ගන්න එක.



තෑගි කීවාම අපිට මතක් වෙන්නේ නත්තල් සීයා හෙවත් Santa Claus නේ හැමෝම එයා ගැන කියවලා තියෙන හින්දා මම එයා ගැන නෙවේ මේ කියන්න හදන්නේ... අපි නත්තල් සීයාට අපේ ලොකු List එක ලියලා තැපැල් කරන ලිපිනය නැත්තම් ඇඩ්‍රස් එක ගැනයි මේ කථාව.... නත්තල් සීයාට ලිපින දෙකක් තියෙනවලු ඔන්න... එකක් Edinburgh හා අනෙක  North Pole ලෙසයි දැක්වෙන්නේ... ඔන්න Toy land, Snow land කියලා  ලිපිනය ලිව්වොතින් එහෙම ලියුම යන්නේ  Edinburgh වලට ලු. හැබැයි The North Pole කියලා ලිව්වෝතින් යන්නේ North Pole වලට ලු.. එකට හේතුව North Pole කියලා ඇත්තම ඇත්ත තැනක් තිබීම!!







Christmas Crackers කියන්නේ කවුරුත් දන්න පොඩි අය හරි ආස දෙයක් නේ. හරි සද්දෙන් පිපිරෙන මේවායේ පොඩි පොඩි සෙල්ලම් බඩු එහෙම අන්තර් ගත වෙනවා. මේවා හොයාගෙන තියෙන්නේ Tom Smith නම් රස කැවිලි වෙළඳසැලක හිමිකරුවෙක් විසිනුයි....








මම නත්තල් වල ආසම අංගයක් තමා නත්තල් ගහ නැත්තම් Christmas tree කියන්නේ...ගොඩක් අය හිතන්නේ නත්තල් ගහ භාවිතයට ආවේ Martin Luther ගෙන් පස්සේ කියලයි.නමුත් ඉතිහාස කතා වලට අනුව හත් වන සියවසේදී විසින් Thor දෙවියා බොරුවක් යැයි ඔප්පු කරන්න St. Boniface ඔහුට ශුද්ධ යැයි සැලකෙන ගසක් කපා තිබෙනවා. ඊට පසුව මිනිසුන් මේ ආකරයට ගස් කපා සරසා ඔවුන්ගේ නිවෙස් අලංකාර කොට තිබෙනවා.. ඒ කියන්නේ Luther ට පෙරත් මේ චාරිත්‍රය තිබිලා තියෙනවා කියන එකයි (Hmmm.... Strange isn't it??)









නත්තල් කෑම ගැන නොකියම බෑනේ... නත්තල් රස අතරින් වඩාත් විශේෂ සූකිරි දඬු හෙවත් Candy Cane .... නත්තල් සමයටම ආවේනික වූ මේවා අපි නත්තල සංකේතාත්මකව ඉදිරිපත් කරන්නත් යොදා ගන්නවා... ක්‍රි.ව. 1800 දී රසකැවිලි නිෂ්පාදකයෙකුගේ අදහසක් අනුව තමා මේවා හදලා තියෙන්නේ... එහි සුදු පැහැයෙන් ක්‍රිස්තුස්වහන්සේ ගේ පාරිශුද්ධත්වය හා රතු පැහැ ඉරි තුනෙන් ශුද්ධ ත්‍රිත්වයත් (Holy Trinity), තව තුනී රතු ඉරකින් උන්වහන්සේ මරණයට පෙර විඳි වේඅදනාවනුත් කියවෙනවා. තවද තද රතු ඉරෙන් උන්වහන්සේ තම ජනයා වෙත හෙලූ රුධිරය සංකේතවත් කරනවා...


ඔන්න ඉතින් නත්තල ගැන අපි දන්න නොදන්න කරුණු ටිකක් දැනගත්තා නේද?.... 


හැමෝටම සාමය සතුට පිරි සුභ නත්තලක් වේවා!!!






2 comments:

  1. අද තමයි දැක්කෙ පෙනුමනම් හොඳයි ටෙම්ලේට් එකත් පට්ට.. පස්සෙ කියවනකං...

    ReplyDelete
  2. ස්තුතියි මේවා ගැන පොස්ට් එකක් දැම්මට.අද තමයි මේ ටික දැනගත්තේ.

    ජයවේවා..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...