"ඉතින් මොකද්ද ඔයාගේ කතාව? "මගෙන් පහසු තරම් වන දුරකින් හිඳගත් ඔහු, ඇසීය.
"මම ඔයාට දැනටමත් මගේ කතාව කියලා ඉවරනේ... මගේ ලෙඩේ හොයා ගත්තේ...."
"නෑ...නෑ... ඔයාගේ cancer කතාව නෙවේ, ඔයාගේ කතාව.
ආසාවල්, විනෝදාංශ, ළැදියාවන් ඒ වගේ."
"හ්ම්"
"ඔයා අර තමන්ගේ ලෙඩේ, තමන්ගේ ජීවිතේම කරගත්ත කෙනෙක් කියලා නන් කියන්න එපා.මම එහෙම ගොඩක් දෙනා දන්නවා, ඒක හරිම හිත අධෛර්යමත් කරන දෙයක්.පිළිකාවක් කියන්නේ වැඩීමක්! එහෙම වෙලා මිනිස්සුන් ව යටපත් කරගන්නවා.ඒ උනට මම හිතන්නේ නෑ ඔයා ඒකට අකාලයේ දිනන්න ඉඩ දීලා ඇති කියලා."
සමහර විට මම එහෙම වෙන්න ඉඩ දීලා ඇති. මම, මාව ඔහුට, ඔගස්ටස් වෝටර්ස් හට උනුසුම් ලෙස වැළඳ ගන්න පුළුවන් විදිහට හඳුන්වා දෙන්න වෑයම් කලා, නමුත් පසුවූ නිහැඬියාවත් සමඟ, මම කියන්න තරම් වැදගත්කමක් ඇති ජීවියෙන් නොවන බව මට හැඟුනා.
"මම ඉතා සාමන්‍ය කෙනෙක්."
"මම කොහොමටවත් ඒක පිලිගන්න කැමති නෑ, ඔයා කැමති මොනවාටද? හිතට එන පලවෙනි දේ කියන්න"
"හ්ම්. මම කියවන්න කැමතියි."
"හරි. ඉතින් ඔයා මොනවද කියවන්නේ?"
"හැමදෙයක්ම... අජූත ආදර කතා, බොරු මවාපෑම් වලින් පිරිච්ච ප්‍රබන්ධ කෘති වල ඉඳන් පද්‍ය කාව්‍යයන් වෙනකන්..."
"ඔයා කවිත් ලියනවා ද?"
"නෑ නෑ... මම කවි ලියන්නේ නෑ."
"ඒකනේ, හේසල් ග්‍රේස්. ඔයා තමා ඇමරිකාවේ ඉන්න කොල්ලො කෙල්ලන්ගෙන් කවි ලියන එකට සාපේක්ශව කවි කියවන්න කැමති එකම එක්කෙනා...ඒකම ඇති මට ගොඩක් දේවල් දැන ගන්න.ඔයා ගොඩක් ලොකු පොත් වෙන්න ඇති කියවනවා ඇත්තේ..."
"හ්ම්, මම හිතනවා එහෙම"
"ඉතින් කැමතිම පොත මොකද්ද?"
ඒ වෙනකොට මගේ කැමතිම පොත වෙලා තිබුනේ 'මහේශාක්‍ය වූ සන්තාපනයක්' කියන පොත.ඒ වුනත් මගේ ඒක ගැන වෙන අයට කියන්න කැමැත්තක් තිබුනේ නෑ... සමහර වෙලාවට, අපිට පොතක් හම්බුවෙලා ඒක කියෙව්වාම එක විදිහක සිතිවිල්ලකින් අපේ හිත පිරෙනවා, අපි හිතනවා, මේ කැඩිලා බිඳිලා ගියපු ලෝකේ එකක් වෙන්න, ඒ පොත සර්ව මානව සංහතියම කියවන්න ඕනේ කියලා, ඒත් මහේශාක්‍ය වූ සන්තාපනයක් වගේ දුර්ලභ ගනයේ විශේෂ පොත් තියෙනවා අපිට වෙන කාටවත් කියන්න බැරි, ඒහෙම කියන එක ඒ පොතට කරන ආදරය හෑල්ලුවට ලක් කිරීමක් වෙනවා.
ඇත්තටම කියනවානන් ඒ පොතේ මහා ලොකු විශේෂත්වයක් තිබුනෙත් නෑ, ඒත් මේ පොතේ කතුවරයාට මාව හඳුනාගන්න මහ අද්භූත හැකියාවක් තියෙනවා කියලා මට හිතෙනවා. එක විදිහකට කිව්වොත් ඒක මගේ පොත! හරියට මගේ ශරීරය මගේ වෙනවා වගේම මගේ සිතිවිලි මගේ වෙනවා වගේමත්.
අන්තිමේදී මම ඔගස්ටස් ට මගේ ඒ පොත ගැන කිව්වා.
"මම මහේශාක්‍ය වූ සන්තාපනයක් කියන පොත ට කැමතියි."
"ඉතින් ඒකේ zombies ලා ඉන්නවාද??"
"නෑ!"
"එහෙනන් storm troopers?
මම මගේ හිස වනා නෑ ඒක එහෙම පොතක් නෙවේ යි පැවසුවා.
ඔහු සිනාසුනේ ය."මම storm troopers ලා වත් නැති ඒ කම්මැලි අජූව පොත කියනවනවා." ඒ ඔහුගේ පොරොන්දුවයි.
අපරාදේ මම ඒ පොත ගැන කිව්වේ. මම පසුතැවුනෙමි.
ඔහු ඇඳ අසල බිම ගොඩ ගසා තිබුන පොත් ගොඩක් දෙසට නැමී, පොතක් හා පෑනක් අතට ගත්තේය.
"මම ඒ වෙනුවෙන් ඔයාගෙන් ඉල්ලන්නේ මම ආසම video game එක ගැන ලියවුන මේ උත්කෘශ්ඨ පොත කියවන්න කියලා විතරයි." ඔහු ඒ පොතේ සඳහනක් කරමින් පැවසී ය. "මෙන්න" , ඔහු The Price of Dawn නම් පොත මගේ අතට දුනි. මට හිනාව වලක්වා ගන්නට බැරි විය.
පොත් හුවමාරුවේ දී පටලැවුන අතැඟිලි අතිනත ඇල්ලීමක් දක්වා දුර දිග ගියේ ය.
"සීතල යි."
මගේ සුදුමැලි වුන අතට තම ඇඟිලි තද කරමින් ඔහු කීවේය.
"ඒ සීතල නෙවේ, ඔක්සිජන් මදි කම."
"මම හරි ආසයි ඔයා මට වෛද්‍ය විද්‍යාත්මක විදිහට කතා කරන කොට", ඔහු නැඟිට මට නැඟිටීමට සහය විනි. අප තරප්පු පෙල ආසන්නයට යන තුරුම අත් නොහැරියෙමු.
(The fault in our stars පොතෙහි සුළු කොටසක පරිවර්තනය කිරීමට ගත් වෑයමක්)
සාර්ථකයි.. තව උත්සාහ කරන්න... පාශා...
ReplyDeleteතව ටිකක් දුරට තිබුණන් ....කියලා හිතුනා
ReplyDeleteස්තූතියි! comments වලට, මේක පොඩි ප්‍රයත්නයක් විතරයි. කතාව කොටස් වශයෙන් පරිවර්තනය කරන්න තමයි අදහස.
ReplyDeleteමං ආසයි ඒ පොඩි ප්‍රයත්නයට.
ReplyDelete