Saturday, December 31, 2011

දෙදහස් එකොලහේ පව් සමාකරගැනීම






2011 අවුරුද්ද ගෙවිලා 2012 ලබන්න තව ටික වෙලාවයි.අළුත් බ්ලොග් එක පටන් ගන්නකොටම හිතා ගත්තා පුද්ගලික දේවල් වලින් මේක පුරවන්නේ නෑ කියලා. නමුත් 2011හේ අන්තිම පැය කිහිපය ගතවෙන වෙලාවේ ඒකට පොඩි exception එකක් දෙන්න කියලා හිතුවා... 




හිරවෙලා තියෙන හැම සිතුවිල්ලකම ප්‍රාශ්වාස සිත්තම බැලූමකට පුරවලා හිර කරලා, අයාලේ යන්න අතහරින්න හිතයි මට.... ඒ සිතිවිලි නිදහසේ පාවෙලා මගෙන් ඉවතවෙලා යාවි එතකොට සදහටම...


Looking Back, මේ අවුරුද්ද ටිකක් විතර වෙනස් විදිහේ අවුරුද්දක්!! හැමදාම Good side නියෝජනය කරපු මට මේ අවුරුද්දේ villain නැත්තම් දුෂ්ටයාගේ චරිතය කට්ටිය බාර දීලා තියෙනවා.... හේතුව අර කවුරුත් වැඩිපුර හංවඩු ගහන්න කැමති අකුරු හතරේ වචනය...


ආ.ද.ර.ය.


පිට පිට මුළු අවුරුද්ද පුරාම දුෂ්ටයාගේ චරිත ලේබලයෙන් පුදනු ලැබූ මට 2011 අවුරුද්ද සාමයෙන්, මැදහත් සිතින් ගත කරන්න තරම් දහිරිය දුන්න... ඉඳ හිට මගේ රතු කට්ට පැන්න වෙලාවට මාගේ අඳෝනා අහගෙන ඉන්න තරම් සන්සුන් වූ කෙනෙකු මගේ ජීවිතයට ලැබීම ගැනත්, මේ අවුරුද්ද මානසික රෝගියෙකු නොවී අවසන් කිරීමට තරම් මට දහිරිය තිබුන එක ගැනත් මම සතුටු වෙන්න ඕනෑ.


 ඔව්!


මම පව් සමා කරගන්න කැමති... 


මොකද මම කරපු ලොකුම වැරැද්ද තමා කිසිම වරදක් නොකිරීම!!!


 උඩ පැන පැන මටම හංවඩු ගහන්න... මට සතුටුයි..මොකද මට ඒකෙන් මාව හදාගන්න පුළුවන් නිසා...


කවුරු කොහේ මොනවා කිව්වත් තමන් තමාගේ අතුලේ නාඩි වැටෙන හදවත දන්නා දේට බොරු කරන්න බෑ කියනවා නේ. අපි පාට පාට සායම් ගාලා ඇඳපු ලස්සන චිත්‍රයක් ලෝකෙට පෙන්නුවත් අපිම දන්නවා ඇත්ත මොකද්ද කියලා.. ඒ නිසා මම බය නෑ... ලෝකයාට...


අනේ මන්දා ඉතින් බලමු ලබන අවුරුද්ද වත් මොනා හරි වෙනසක් වෙයිද කියලා....
මොන දේ උනත් මම කාටවත් නිදහසට කාරණා කියන්නවත්, සමාව අයදින්නවත් ලෑස්ති නම් නෑ ඔන්න... මට අනුකම්පාව ඕනේකියලාවත් උදහස බාරගන්න බැරි කමක් වත් නෑ...


කවුරු මොනවා කිව්වත් I live my life the way I want. 


මම හිතන්නේ මම දැන් කට වහ ගත්තොත් හොඳයි!


සමාවෙන්න, මේවා කිව්වට, හිත පොඩ්ඩක් සැහැල්ලු කර ගන්නයි ලිව්වේ...


සිංහලට ආදරය කරන හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා, වැඩියෙන් බ්ලොග් ලියැවෙවා! 




7 comments:

  1. ඇත්ත අපි ජීවත් වෙන්න ඕන අපිට ඕන විදිහට..

    ඉතින් ඔයාටත් සුභ නව වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  2. ගියදේ ගියා..අලුත් අවුරුද්ද..අලුත් විදිහට පිළිගන්න...ජිවිතේ නැවුම් කරගන්න...සියලු පැතුම් සපිරෙන සුබ අලුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete
  3. සුභ අළුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete
  4. ගිය නුවන ඇතුන ලවාවත් අද්දවන්න බැහැලු නේද.

    අලුත් අවුරුද්දේ අලුත් පැතුම් ඉටුවේව!!

    ReplyDelete
  5. අලුත් අවුරුද්දේ හා හා පුරා කියල මේ පැත්තට අවේ.කලින් ලියල තියෙන ලිපි හොදයි කියල හිතුණු නිසා comment 1ක් දාලම යන්න හිතුනා.
    ජය වේවා !!
    http://swayaktha.blogspot.com/

    ReplyDelete
  6. Comment කරපු හැමෝටම 2012 සුභ අවුරුද්දක් වේවා!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...