Thursday, December 1, 2011

සරාගීත්වයේ පද




"ප්‍රශ්නයක් අහන්න උත්තර දෙනවද? කෙනෙක්ට පුළුවන්ද තමාට වඩා අඩු පෞර්ෂත්වයෙන් අඩු කෙනෙකුට ආදරය කරන්න?" මෝර්ෆින් එන්නත ශරීරගත කිරීමෙන් පසු ප්‍රබෝධමත් ව සිටි කැරවජියෝ තර්කයට මුල පුරමින් ප්‍රශ්න කලේය.

"මේක කල් පහු වෙලා ආරම්භ වුනු මගේ ලිංගික ජීවිතය පුරාම මගේ අවධානය යොමු වූ කාරණයක්"කෙනෙක් සමඟ කථා කිරීමෙන් ලිංගික සතුටක් ලැබිය හැකි බව මම තේරුම් ගත්තේ විවහ වුනාට පස්සේ. ඊට කලින් මම කවදාවත් දැනගෙන හිටියේ නෑ වචන වල රාග නිශ්‍රිත සෘංගාරාත්මක බලයක් තිබෙන බව. සමහර අවස්ථා වලදී කායික සම්බන්ධයක් පවත්වනවාට වඩා ගැහැනියක් සමඟ කතා කර කර ඉන්න මම කැමතියි.



වචන වල ලොකු බලයක් තිබෙනවා. අපිට විවිධ දේවල් පිළිබඳව කථා කරන්න පුළුවන්. වචන වල තිබෙන ප්‍රශ්නය තමා කෙනෙකුට මුල්ලකට වෙලා තනියම කථා කරන්න පුළුවන් වීම.

 ඒත් කෙනෙකුට මුල්ලකට වෙලා තනියම කායික වශයෙන් ලිංගික සම්බන්ධතාවයක් පවත්වන්න බැහැ"



"දැන් තමයි මිනිහා ඇත්ත කථා කරන්නේ"යි හැනා මුමුණන්නට වූවාය.


"නැහැ මම එහෙම කරලා නොතිබෙන්න පුළුවන්. සමහර විට කිප් එහෙම කරලා ඇති. සමහර විට කඳුකර ගම්මානයක ඉඳලා බොම්බාය නගරයට ආපු දවස්වලදී, හමුදා පුහුණුව සදහා එංගලන්තයට ගිය දවස් වලදී එහෙම කරලා ඇති.

මෙතන ඉන්න කවුරුත් මුල්ලකට වෙලා තනියම කායික වශයෙන් ලිංගික සම්බන්ධයක් පවත්වලා තියෙනවද?

 කිප් ඔබේ වයස කීයද?" කැරවජියෝ දිගින් දිගට කියවන්නට පටන් ගත්තේය.

"විසි හයයි"

"මටත් වැඩිය වයසයි"

"හැනාටත් වඩා වයසින් වැඩි‍යි. ඇය ඔබට වඩා දක්ෂ පෞර්ෂයකින් හෙබි කෙනෙක් නෙවෙයි නම් ඔබට පුළුවන්ද ඇයට ආදරය කරන්න?

 එයා ඇත්ත වශයෙන්ම ඔබට වඩා දක්ෂ කෙනෙක් නොවෙන්න පුළුවන්. ඒත් මම කියන්න උත්සහ කලේ ආදර සම්බන්ධතාවයක් ඇති කර ගන්න නම් ඇය ඔබට වඩා දක්ෂතා වලින් හෙබි කෙනෙක් ලෙස හිතා ගන්න පුළුවන් වීම වැදගත් වන බවයි. 


දැන් ටිකක් හිතලා බලන්න, ඇය ඉංග්‍රීසි ජාතිකයාට මෙතරම් වශී වෙලා ඉන්නේ මිනිහා හුඟක් දේවල් දන්න කෙනෙක් නිසා. එයත් එක්ක කථා කරන කොට අපිට නොදන්න බොහෝ දේවල් දැන ගන්න පුළුවන්.

අපි තවම දන්නෑ මිනිහා හරියටම ඉංග්‍රීසි ජාතිකයෙක් ද කියලාවත්. බොහෝවිට මිනිහා ඉංග්‍රීසි ජාතිකයෙක් නොවෙන්න පුළුවන්.ඔබ සමඟ එවැනි සම්බන්ධයක් ඇති කරගන්නවාට වඩා පහසුවෙන් මිනිහත් එක්ක එවැනි සම්බන්ධතාවයක් ඇති කර ගන්න පුළුවන් කියලා මට හිතෙනවා.

මම එහෙම කියන්නේ ඇයි ඒකට හේතුව තමා අළුත් දේවල් දැන ගන්නට තිබෙන කැමැත්ත. 

විවිධ කාරණා එකිනෙකට සම්බන්ධ වන හැටි දැන  ගන්න අපි කැමතියි.කෙනෙක්ව වසඟ කර ගන්න වචන වලට පුළුවන් අපව විවිධ දේවලට යොමු කරන්න. අප කැමතියි අලුත් දේවල් දැන ගන්න. දියුණු වෙන්න. වෙනස් වෙන්න. ඒ තමා ඉදිරියට යන අලුත් ලෝකයේ හැටි."

ආගන්තුක රෝගියා- කේ. ඒ. එන් පෙරේරා( The English Patient by Michael Ondaatje)


3 comments:

  1. අදයි ගොඩ උනේ මේ පැත්තට..
    ආසාවෙන් කියවන්න, පෝස්ට් එකක් එනකං බලං ඉන්න හිතෙන මට්ටමේ එකක්...
    කියෙව්වට පස්සේ හිතන්න දෙයක් ඉතුරු වෙන පෝස්ට් එකක්...

    ReplyDelete
  2. ​හොඳ ලිපියක්...,!

    ReplyDelete
  3. ගොඩක් ස්තූතියි.... දීඝායූ... දිගටම එන්න....

    ප්‍රසන්න ලිපිය අගය කරාට ස්තූතියි.... මේක මගේ හිත ගියපු කොටසක්....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...