Sunday, September 18, 2016

වියපත් කවිකම....




ඉස්පිලි, පාපිලි හැලී,
මැකී ගිය බොඳ වූ අකුරින් නිමවුන
කවියක පණ නල ගැහෙන, 
පොඩි වූ කරදහිය...
දූවිලි ගසා පිසදා,
රිද්මයක් නැති, නාඩි වැටෙන හඬට
සවන් දෙන,
වියපත් කවිකම....


2 comments:

  1. මං හිතුවේ කවිය වයසට යන්නේ නැ කවියා වයසට යනවයි කියලා.. අපූරුයි පාශා..

    ReplyDelete
  2. බොඳවූ පදපේළි අතර
    හැලුණු පාපිල්ලකට, පොඩිවූ කරදහියකට, වෙවුලනා සුරතකට,
    හැකිවේද නවතන්නට
    ලියන්නටම තතනනා
    තුරුණු හිත.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...