Friday, January 6, 2012

මම සතුටින්







මම අද ගොඩක් සතුටින්... හරිම සාමකාමි ප්‍රසන්න හැඟීමක්!! කියලා තියෙනවානේ Happiness is Bliss කියලා... අද නම් ඒ වගේ තමා....



සතුට... 


ජීවිතේ හැමදාම නැති එහෙත් හැමදාම ලබන්න කැමති, ලඟ නැති කොට තැවෙන ලඟ ඇතිකොට ඉපිලෙන මානසික තත්වයක්...


බුදුහාමුදුරුවෝ දේශනා කර වදාල විදිහට නම් පරම සතුට නිවන් සුව අත් විදීමයි. ඒත් ඒක තව ගොඩක් දුර හින්දා මම නම් අතේ දුරින් තියෙන ලෞකික සතුටක් ගැන තමා මම කියන්නේ....


මගේ Serotonin වලින් පිරි ඉතිරි ගිය හෝමෝන පද්ධතිය හරිම මුළු ගතම වෙලා ගෙන, මම හිනා වෙනවා ඉවරයක් නෑ වගේ!!


:)


පිස්සුවෙන් වගේ තනියෙම හිනා වෙන වෙලාවල් කටවත් නැතුවා නොවෙයිනෙ....


ඇයි ? අර ආදරය කරන කෙනාගේ කෙටි පණිවිඩයක් හෝ ඇමතුමක් ලැබෙන වෙලාවට... කී දෙනෙක් ගේ නන් මූණු එලිය වැටෙනවා දැකලා ඇතිද?



මිනිස්සුන්ට සතුටේ උපරිමය හම්බ වෙන අවස්තා 5ක් තියෙනවාලු


1.ආශ්වාදය නැත්තම් Pleasure උද:- ආහාර, හොඳ නෑමකින් පසුව වගේ... (හික් ... හික්)
2.යම් කටයුත්තක නියැලීම හෙවත් Engagement උදා:- අපි ආස කටයුත්තක ඇලී ගැලී යොමුවී සිටීම (ඔව් ඉතින් වෙලාව යනවා වත් තේරෙන්නේ නෑ නේ )
3.ආදර සම්බන්ධතා Relationships esp Love (අහන්නත් දෙයක්ද? )
4.අර්තය Meaning (අපි මොනාහරි වැදගත් දේක් කොටස් කරුවන් කියන හැඟීම )
5. අරමුණක් සාක්ෂාත් කර ගැනීම Accomplishment.


මේ කාරණා 5න් මගේ සතුටට හේතුව නම්......


:)


මොනා වුනත් මම හරි සතුටින් ඒකයි කියන්න ඕනෑ වුනේ...


කෙනෙක් ගේ සතුට දැකලා සතුටු වෙන්න පුළුවන් නම් ඒකත් සතුටක් නේ!!


මම ආස කියමනක් තියෙනවා,


සතුට කියන්නේ අපි ආසා කරන දේවල් ලබා ගැනීම නොව අපිට ලැබෙන දේට ආසා කිරීමයි.


ඉතින් සතුටු වෙන්න...


3 comments:

  1. සතුට මේ ලොකේ ලබන්න පුළුවන් ලස්සනම දෙයක් කියලයි මම නම් හිතන්නේ.. දිහටම ඒ සතුට හිතේ රැදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  2. මෙච්චර සතුටක් එන්න නම් ඉතින් love matter 1ක් තමයි!:DD

    ReplyDelete
  3. ගොඩක් ස්තූතියි දිනේශ්... ඔයාටත් එසේම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    @නුවන් හි..හි....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...