නිර්නාමික වූ හැන්දෑවක,
ලෝහිත අහස් වියන යටින්
ඇවිද යමි,
සොහොන් කොත සොයා
මවිසින් මා මිහිදන් කල...
මට ද කාලයට ද
අමතකව ගිය
රළුව කෙටූ අකුරු වැලක්
ඇති සොහොන් ගලකි,
මගේ අයිතිය සටහන් කල...
දණ ගසා වැලපුනෙමි,
සිහි නොවන හෙයින්
මිහිදන්ව ඇති මගේ ආත්මයේ
හැඩරුව,
ධවල අරලියා මල් ඇතිරිල්ල උඩ.....
අන්තිමට අපි හැමෝට ම ඉතුරු වෙන්නේ එච්චර තමා...............
ReplyDelete