Wednesday, October 15, 2014

කටු බැල්ලිය






පින්කි!

ඒකි කටු මතුවෙච්ච ලොම් හැලී ගිය කටු බැල්ලියෙකි. කසල ගොඩවල් අවුස්සමින් කන්නට යමක් සොයමින්  පාරේ හැමතැනම දඩාවතේ ඇවිද යන අතර බලු රැල දෙස මහත් වූ ආසාවකින් බලන්නට වූයේ එහි වූ සිරුරෙන් යම් තරමක් හෝ පෘෂ්ටිමත් බල්ලන් රැල දෙසය. උන් මේ බැල්ලිය දෙස කිසිදු අවදානයක් නොදක්වා සිටීම මේ බැල්ලියගේ දොම්නසට නිතැතින් හේතු විය. 

ඈ දකිනා ආකාරයට ඇගේ වරදක් නොමැත.  ඈ හට ඕනෑම බල්ලෙකු හා හාද වීමට හැකියාව ඇත. නමුත් එකදු බල්ලෙකු ඈ හා හාද නොවන්නේ මන්දැයි ඇයට මහා කුහුලකි.

මේ බලු රැලේ එක් බල්ලෙකු දෙස බැලූ ඈ මූ සමඟ කෙසේ හෝ යාළු වෙමි ය කියා සිතා ඌ පසු පස නිති හඹා යමින් ඌ හට නිරන්තර සැලකුම් හා යටහත් පහත් බාවය ප්‍රදර්ශනය කරන්නට විය.

බල්ලා සිය උපරීම මහේශාක්‍ය ලීලාව මේ කටු බැල්ලිට පෙන්වමින් ඇගේ සැලකිලි තමන්ගේ මවිල් ගහකට පවා නොදැනෙන බව බැල්ලියට දන්වන්නට නොපසුබට විය.
නමුත් බැල්ලිය ඒයින් අධෛර්යයට පත් නොවූයේ තම හැකියාවන් ගැන ඇය මහත් විශ්වාසයෙන් යුතුව කටයුතු කරන නිසාවෙනි. 

කුලල් කා ගනිමින් සපා ගනිමින් ඒ බැල්ලියද ඒ බල්ලා යන එන සැම තැන දින ගත කරන්නට වූයේ දිනෙන් දින කෙසේ හෝ තමන්ගේ අභිලාශය මුදුන්පත් කර ගැනීමේ අරමුණෙනි.

අද ද මහ මග ඒ බැල්ලිය තම අරමුණ පසු පස හඹා යාවි.


4 comments:

  1. කව්ද එතකොට මේ බැල්ලිය??

    ReplyDelete
  2. කවුද දන්නේ නෑ... පාරේ යනකොට හම්බ උනා...

    ReplyDelete
  3. ඒ බැල්ලිත් හරියට අපේ හිත වගේ නේද?

    ReplyDelete
  4. ඔව්... අපේ හිත එක්තරා කටු බැල්ලක් හා සමානයි.
    තේරුම් ගත්තාට ස්තූතියි

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...