ළමා කල ඈ සිහින මැවූ ලෝකය
ඇගෙන් ගිලිහී ගොස්
හොරෙන්ම....
ඉදින් සිහින දකින්නී
ඈ,
පලාගොස් නිදි දෙව්දුව සමඟින්,
සිහින දකින්නී
ඈ,
ඇගේ පාරාදීසය...
ගෙවී යන ජීවිතයේ
දුෂ්කරත්වය,
සමනල තටු සිඳලයි...
දිවි චක්‍රය
සෑම කඳුලැල්ලක්ම
දියඇල්ලක් වූ කලෙක,
සෑම රැයක්ම
කුණාටු රත්‍රියක් වූ කලෙක.
දෑස වසාගන්නී ඈ,
සෑම රැයක්ම
කුණාටු රත්‍රියක් වූ කලෙක.
පියා සලන්නී ඈ,
පාරාදීසය සොයා
වැතිරී ඒ කුණාටු අහස යට
සැනසෙන්නී ඈ,
සූර්ය්‍යා පහන් වෙන්නේ යලි දිනෙක උදාවීමට
කියා
My Translation of the song Paradise by Coldplay

No comments:
Post a Comment