Monday, February 6, 2012

...මට දැනෙනවා ආදරේ...







පුදුම නිදහසක්... 


මගේ සිත පියාසර කරනවා, කුරුලු පියාපතක රැදි සැහැල්ලුවෙන්....

හිත ඇතුලාන්තයේ තෙරපී තෙරපී පිට වෙන්නට පොර බදින සොදුරු සිතිවිලි රාශියක් පදවැල් වලට පෙරලී පොත් පිටු අතර සැගවිලා ඉදන්හොරැහින් ඉගි බිගි පානවා, හරි සතුටින්...


සිතිවිලි අහුරක් සිතත් එක්ක අපූරු සටනක... 


සිහිනයත් යතාර්ථයත් අතර අතරමං වුනු මම කිසි දෙයක් නොදැනෙන විදිහට බලාගෙන ඉන්න හිතුවත්... 


කෑ ගහලා කියන්න හිතෙනවා හිතේ ඇති හැම දෙයක්ම... 


නුඹ මට දැනෙන අපූරුව.... 


දැනෙනා හැටි නුඹට ඇති ආදරය... 


ඔව් සහතිකයි මට ආදරේ දැනෙනවා...


කියන්නද මම නුඹට කවුලුවෙන් එපිට ඇද හැලෙනා වස්සානයත් සමග පාවී එන මල් සුවද කැටිවූ සුළග, නුඹ ගැන ගීයක් මුමුණන වග...


නුඹ තේරුම් ගනීවිද...


හිතේ කොනක සියුම් ප්‍රශ්නාර්ථයක් එනමුදු මට දැනෙනවා... 


හැම දෙයකම ගැබ් වූ සුන්දරත්වයක්, ලස්සනක් වෙන කවරදාටවත් වඩා...


ඔව් මට හැගෙනවා....


 මට දැනෙනවා ආදරේ... 

2 comments:

  1. දැනෙන ආදරේ හිර කර හිත් පොඩි යට
    පොද වැහි කැට සිප සැනැහෙන්නට
    දෝරේ ගලනා ආදර මල් දම් යට
    ‍රැදේවා ඔය හිත් පොඩි ඒ ආදරේ යට

    ReplyDelete
  2. ම්...ඔය දැනේන දේ රැකගන්න එක තමා හපන් කම.....ජය

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...