Wednesday, January 18, 2012

ආදරණීය වසන්තය





ආදරණීය වසන්තය හෙමින් හෙමින් ඇවිත්,දෙනෙත් අභියස ඉගි මරමින් ජීවිතය වින්දනය කරන්න එන්න කියලා ආරධනය කරන්න අරන් නැවතත්...ඇවිදින්,දැන් ඉතින් සතුටු වෙන්න, හිනා වෙන්න...දැන් අර වේදනාත්මක, කටුක සීත කාලේ හමාරයි කියලා සිත සනසවනවා. ලගින් ඉදන් හිස පිරිමදිමින් ආදරණිය උණුසුමකින් හිත පුරවනවා...එන්න...නින්දෙන් අවදි වී යන්තම් හිස ඔසවා හිනා වෙන මල් කැකුලු අතර ඇවිද යන්න,ගලා යන දොල පාරේ සංගීතයට කන් දෙන්න, කුරුල්ලන්ගේ කතා අහන් ඉන්න... එන්න කියලා කියනවා...අතීතය නුඹට දුන්න වේදනාවන් අමතක කරන්න,ඉඩදෙන්න මට...පුරවන්න ඔය හිත ආදරයෙන්,සරසන්න ඔය වත සොදුරු හසරැල්ලකින්...ඉඩදෙන්න මට...නුඹේ ජීවිතය සමග පෑහෙන්න...ඔව් මගේ හිතත් පොරබදිනවා...නුඹ හා එක්වන්න...කවුලුවෙන් පෙනෙන ඒ සුන්දරත්වය දිහාට නෙත ඇදෙන වාරයක් පාසා මේ කලුවර, දොම්නසින් පිරි කාමරයෙන් එලියට ගිහින්, මග බලාගෙන ඉන්න වසන්තයේ දෝතට දුවගෙන යන්න...ගිහින් ඒ උණුසුම හොද හැටි විදගන්න...ජීවත් වෙන්න...සතුටු වෙන්න...හිත ආසාවෙන් ඉපිලෙනවා...හිත සතුට දරාගෙන නුඹ හා එක්වන්න ඇවිදගෙන එන්නද මම? බලාපොරොත්තු පිරි හිතක් දෝත දරාගෙන

3 comments:

  1. අපිව ජීවත් කරවන්නේ බලපොරොත්තුනේ!:)
    ලස්සන අදහසක්!

    ReplyDelete
  2. ජීවිතය ජීවත් කරන්නේ බලාපොරොත්තු...

    ReplyDelete
  3. ආදරණීය බලාපොරොත්තු.. ජීවිතයේ නව පියමං... ලස්සන අදහසක් :)

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...