Wednesday, January 11, 2012

ප.ලි. ජීවිතය සුන්දරයි




ආදරණීය ජීවිතය,


නුඹට අපහාස කොට, හිරිහැර කොට, නිගරු කොට බැන වැදුනු මම සමාව අයදින අටියෙන් නුඹට මෙසේ කියමි...





හිරි පොද එකින් එක වැටෙන්න ගත්තද
මහ වරුසාවක් වෙන්නට නොදී,
ලා මද පවනක් හමන්න ගත්තද
සැඩ කුණාටුවක් වෙන්න නොදී,
හිරු කිරණක සේයාවක් 
වලා පටල අතරින් ඇදී ආවද
ගත මඩනා අව් රශ්මියක වන්නට නොදී,
ලෝ තලය පෙලා ඇදී ආ ලැව් ගිනි...
උණුසුම් වූ 
ප්‍රේමන්විත අග්නි දල්ලක් කොට,
රැකගත්
සමනල පිහාටුවක
සෞම්‍යත්වය කැටි කොට,
රක්ත වර්‍ණ්
පොපි මලක
පාට පෙවූ,
කුරුළු ගීයක හඬ 
එක් කොට
සැරසූ,

මගේම වූ
මේ

ජීවිතය
ඇත්තෙන්ම සුන්දර බව
හැඟේ මට


නුඹ මා හා  දුකේදීත් මෙන්ම සැපේදීත් මගේ හැසිරීම, මැදහත් සිතින් විඳ දරා, මා හැර නොයා, මා හා සිටියාට ස්තූතිය පිරි නමමි මගේ හද පත්ලෙන්ම....




මීට


මම


ප.ලි.  ආදරණීය ජීවිතය  නුඹ හරි සුන්දරයි



2 comments:

  1. ගිම්හානයේ ගිලන් වී කෘශවී සුදුමැලිව
    ඇදී ඇදී ඉකි ගැසූ ගඟ නැවත පිරිපුන්ය
    දුෂ්කරය කියා හැර යා යුතුද ජීවිතය
    කටු පොකුරු සිප ගනිමි හෙට මලක් වනු පිණිස !:C

    ReplyDelete
  2. මම ආසම කවියක්.... සිංහල පොතේ කියෙව්වා මතකයි.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...