Sunday, September 11, 2011

දේදුන්න







මම යන්නත් ඕනේ...

කිසි වෙනසක් මූනේ සටහන් වෙලා නෑ, හිත ඇතුලෙන් තත්පරයට හැඟුම් දාහක් පිට කලත්... මුහුනට ළඟා වෙන්න නොදී දෙදෙනාම වෙස්මූනක් දාගෙන... 


හරි! 



දෙදෙනාම මුහුනට මුහුන බලාගෙන... හුස්මක ශබ්දය ... ඔහුගේ ප්‍රාශ්වාස උණුහුම ඇගේ නලලත මත .. 


හරි ගිහින් එන්න


ඇය යන්තම් හිස ඔසවා ඔහුගේ මුහුණ දෙස බැලුවා, කඩඉමක් පහුකල ජයග්‍රහී හිනාව... ඔහුගේ දෑස් අග පොඩිවන දෙකම්මුල් වල ගැහෙන හිනාව.. ඇගේ ඇස් දෙකේ චංචලත්වය... 


ම්... මොකද වෙන ලෝකෙක...ඔහු ඉදගෙන හිටපු පුටුවේ ඇන්දට ඇඟිලි වලින් තාලයක් කවනවා... 


ටක්.. ටක්..වැස්සක ශබ්ද රටාවත් එක්ක එක් වෙන්න හැදුවත්, ඔහුගේ වැහි බිදු වගේ හැලෙන සිතිවිලි එක්ක ඒ තාලය  රැන්ඩ්ම් බීට් එකක් වෙලා.. දන්නවද... ඔයා ආයේ මේ ලොකෙට ආවා නන් අහන්න, ඔයා හිතන්නේ වැස්ස වහින්නේ අහසට දුක හිතුන වෙලාවට කියලද?


ඔහු තමාගෙ තාලයටම කකුල් දෙක පද්දයි... ම්... මගෙන් බලපොරොත්තු වෙන්නේ කවියෙකුගේන් ලැබෙන උත්තරයක් ද නැත්තන් රැඩිකල් උත්තරයක්ද?


එහෙම දෙයක් නෑ... නිකන් ඇහුවේ මේ ලෝකෙට ගෙන්න ගන්න ... නැවතත් අර හිනාව... 


හ්ම්... මම දන්නෑ ඕවා... ඔයා කවියෙක් උනාට මම ඊට වඩා වෙනස් විදිහට හිතන කෙනෙක්... මම දන්න විදිහට වහින්නේ අහසට ඕන නිසාවත් නැත්තන් අපිට ඕන නිසවත් නෙවේ... ඇයගේ කටහඩ ස්තිරය... තියුනුය... ඔහුගේ හිනාවට පසුබාන්න පෙර ඇය තම මතය හිතින් සකස් කරයි...


ඔහු තවමත් සිනාසෙයි...


එහෙනන් මැඩම්.. ඔහු අසයි


මම හිතන්නේ වැස්ස වහින්නේ ඉරට ඕන වෙලාවට... ඉරට ඕනේ නන් අහස ලව්වා වැස්සක් වස්සනවා... එතන ඉරගේ ආධිපතයක් මිසක් අහසට කරන්න පුලුවන් දෙයක් නෑ....


ඇයගේ ජයග්‍රාහී හිනාව... ඔහු එපිටින් ඇද හැලෙන වර්ෂාව දෙස බලයි...හ්ම්... දරුනුවට හිතන කෙනෙක්...  


ඇය ඔහුගේ පිලිවදන බලාපොරොත්තුවෙන් ඇස් යොමයි.


මොකෝ කියන්නේ... මම හරි නේද? ඇය අසයි.


ඔයා කියන්නේ ඉරට ඕනෑ විදිහට අහස ඉන්නවා කියලද? ඔහු පිලිතුරකට නොගොස් නැවත ප්‍රශ්න කරයි.


ඔව්... මම කියන්නේ එහෙමයි. හැමදාම වෙන්නේ අහසට ඉරට ඕන විදිහට ඉන්න එක තමා... කවදාවත් අහසට තනි තීරණයක් ගන්න බෑ... ඇඬුවත් ඒ ඉරට ඕන නිසා... අතිතයේ මතක වල සාරාංශය ඇයගේ තියුනු තීරණාත්මක වචන ලෙස පිටවෙයි.


ඔහු යලිත් සිනාවෙයි. හිනා වෙන්න නෙවේ... මම හරි ඒක මම දන්නවා.


හ්ම්.... හිනා වුනේ උත්තරයට නෙවේ... එ කියපු දේ පිටිපස්සේ හැංඟිලා තියෙන කථා වලට... ඔයාට එක දෙයක් අමතක වෙලා....


වැස්සේ තාලයත් වෙනස් වෙලා... හෙමි හෙමීට පොලොවට ආපු වැහිබිංදු එකිනෙකා පරයමින් පොලොව බදා ගන්න අරන්...


ආහ්... එකත් එහෙමද? හ්ම්.... මම කිව්වේ මට හිතෙන විදිහ... හැමෝම එකම එකම රටාවකට හිනන්නේ නෑනේ... සමහර විට මම හිතන විදිහ ඔයාට දරා ගන්න බැරුව ඇති....


ඇය පසු බාන්නට සුදානම් නැත. ඇය දැන් සටනට සූදානම්ය...බැල්ම රුදුරුය... ඔහුට ඇයගේ මතය සාක්ෂි ඇතුව පසක් කරන්නට ඔහු දෙසට හැරින.


මෙච්චරයි.මම කියන්නේ...


එක්වරම ඔහු ඇයගේ මිටි මොලවා ගත් අත මත ඔහුගේ අත තබා හෙමින් මිරිකීය...  ඔහුගේ බැල්ම මුදුය..ඔහුගේ වෑයම සර්ථකයි. ඇය රදවා සිටි හුස්මක් පිට කලා. ඇගේ වේගවත්ව ගැහෙමින් තිබූ හදවත අළුත් රිද්මයකට ගැහෙන්න ගත්තා...


මට කියන්න තියෙන්නේ... ඇය නැවතත් උත්සහ කලා, නමුත් එය බිදුනු හඬකින් නැඟුනු අඳෝනාවක් වූ නිසවෙන් ඇය අසරණ අපරාජිත බැල්මකින් ඔහුගේ හිනාව  බලපොරොත්තු උනා...



නිශ්ශබ්දතාවය... අහස වැස්ස තුරුල් කරන්න අරන්... හයියෙන් ඇද හැලුන වැහි බිංදුවල උනන්දුව අඩු වෙලා...




මේ අහන්න... ඔහුගේ ස්වරය උණුසුම්... ඇයගේ කැළඹුන හිත අස්වසයි... ඔයා කියන එක ඇත්ත... ඉරට ඕන වෙලාවට අහස අඬවන්න පුලුවන් බව ඇත්ත..... ඒත් ඉරයි අහසයි එහෙම වෙන්න ඕනේ... 


ඒත්....


ඔව්... ඔයා කියන්නේ... ඉර එහෙම බලපෑමක් කරන්න ඕනේ නෑ.... එහෙම නේද? මොකද ඉරක් නැත්තන් අහසට අඬන්න ඕන වෙන්නෙත් නෑ කියලා ඔයා කියයි.


 ඇයගේ සුසුම් පිට කලාය... ඔව් මම එහෙම තමා හිතුවේ... ඇය වැහි බිංදු ගනන් කරන්නටමෙන් එපිටට ඇස් රඳවයි... 


ඔව්, ඒත් වැස්සේ ප්‍රතිපලයක් තියෙනවා... අපි මේ ලොකේ දකින සුන්දරම දෙයක්.... 


හිතලා බලන්න... ඉර එහෙම නැත්තන්.... අහස ඉර නිසා ඇඬුවෙත් නැත්තන් ඒ දෙන්නගෙ සුසංයෝගයෙන් කවදාවත් දේදුන්නක් හැදෙයිද කියලා... ඒක තමා ඒ දෙන්නගේ සම්බන්ධයේ අවසානය... එහෙම නැතුව ඉරට වත් අහසටවත් ඒක තනියෙම කරන්න බෑ...


හිතලා බලන්න .... මම යන්නන්



  

7 comments:

  1. හ්ම්ම්.... ඔන්න මමත් හිතන්න පටන් ගන්නවා,... බ්ලොග් එක අලුත් එකක් වගේ... ඔන්න හදවතින්ම සුභ ගමන් කියන ගමන් මම මේ බ්ලොග් එකට කරන පලවෙනි කමෙන්ට් එක
    ජයවේවා කියලා අපි කැපෙනවා

    word verification අයින් කරන්ඩෝ

    ReplyDelete
  2. බොහෝම ස්තූතියි.....
    ඔව්... අළුතෙන් ම පටන් අරගත්තේ.... විවේචනයන් බොහොම අගය කරනවා...
    :)

    ප.ලි: word verification ගැන දැන්වුවාට පින්....

    ReplyDelete
  3. ඔන්න අපිත් අවා.. වැස්සට මම හරි අසයි..
    පට්ට වැස්සේ තෙමෙන්න බලන් ඉන්නේ..
    template එක මාරු.. ගතියක් තියනවා..

    ReplyDelete
  4. දිගු ගමනකට සුබ පැතුම් !

    :D

    ReplyDelete
  5. ඉස්සෙල්ලාම දිගු ගමනකට සුබ පතනවා!!!!!!! සළබයා අයින් වෙලා නේද? ..... මට මතක් උනා කසුන්ගෙ සින්දුවකුත්... ජයෙන් ජය!!!!

    ~ජ.ම්.බු.~

    ReplyDelete
  6. දේදුන්නක් සෑදීමටත් වඩා මේ සුසංයෝගයේ ආශිර්වාදය සෘජුවම එන්නෙ පොලොවටනෙ. පොළොවෙ ගහකොළ වලට, සත්වයින්ට.

    හොඳ ආරම්භයක්.. දිගු ගමනකට අඩිතාලමක් කරගන්න.
    ජයවේවා!

    ReplyDelete
  7. දෙදෙනාම මත අරගලයක යෙදුනා මිස එකිනකා හට ලං වීමට මේ මොහොත යෙද වූවානම්?
    හිතලා බලන්න මමත් යන්නම් ............

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...