Tuesday, June 12, 2012

La Figlia Che Piange (The Weeping Girl)




පියපෙල හිනිමත්තේ සිට,
ගෙවත්තේ උස් වූ මල් පෝච්චියට හේත්තුවෙයන් නුඹ,
හිරුගේ රශ්මි කදම්භයන් ගොතපන්, ගොතපන් නුඹ නුඹගේ කෙස්සෙහි,
වේදනාබර හදින් දෑතේ හිර කරගත් මල් පොකුර 
දමාගසමින් ,
ඉවතට හැරියන් ,
නුඹේ ක්ෂණික වූ කෝපාන්විත බැල්මකින් නෙත සරසා,
නමුත්, හිරුගේ රශ්මි කදම්භයන් ගොතපන්, ගොතපන් නුඹ නුඹගේ කෙස්සෙහි..



ඔව්... මම ඔහුට යන්නට කියමි...

ඉතින් මම ඇයට හිද ශෝකවන්නට සලස්වමි....
ඉතින් 
ඔහු යන්නට යාවි..
ආත්මය, ශරීරය තලා ඉරා දමා යන කල්හී,
මනස, භාවිතා කල ශරීරය අතහරින කල්හී,
මම සොයා ගනීවි,
අසම සම වූත් ලිහිල් වූත් මඟක්,
අප දෙදෙන්නම තේරුම් ගන්නා මඟක්,
චපලත්වය ගැබ් වූ සිනාහාවක සරලතාවෙයෙන් යුතු වූ...



ඉතින් ඇය ඉවත ගියාය...


නමුත් කුරිරු වූ සරත් කල
නුඹ
මට බල කරයි...
බලකරයි මගේ පරිකල්පනයට,
සිත්නනට
මේ සා පැය ගණනක්, මේ සා දින ගණනක්,
සිතන්නට,
ඇගේ කෙස්ස උරහිසින් පහළ රැඳුනු අයුරු,
ඇගේ අත් මලින් පිරී ඇති අයුරු,
කිනම් ලස්සනක් ඇතිද එහි...
දකින්නෙමි මා නැතිව ගිය ඒ අභිනයන්,
වෙහෙසකර වූ රාත්‍රීන්හී දී හා දහවලයන්හී දී.....

"La Figlia Che Piange" (“young girl weeping”) is the final poem in T.S. Eliot’s Prufrock and Other Observations


No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...