Wednesday, November 23, 2011

සෘතු කවිය




නුඹලා කටුක ශිශිරයේ තුරුලතාවන්...
මි‍යැදුන ලෝකයක් උරුම....
නුඹලාගේ ගල් ගැහුන
 හදවතේ,
යන්තමින් ගැහෙන,
උණුසුම්
 සිහින ගිම්හානයක
 බලාපොරොත්තුව,
 හද පත්ලේ දරාගෙන
දිවි ගෙවන....








දයාබර සුළඟ,
සීත සෘතුව පැමිණේ නම්.... වසන්තයද ළඟ පාත එනවා නොවෙද?











ශිශිරයේ විඳි කටුකත්වය නොවන්නට වසන්තයේ සොඳුරු බව කෙසේ පිළිගන්නද.....





වසන්තය පැමිණ ඇත.... මිහිතලය කවි පද මුමුණන දැරිවියක සේ.... නෙක රටා මවනා අපූර්වය....






ගෙවුනු වසන්තය සිහිකර ශෝක වන්නෙමු අපි දිනෙක....වසන්තයේ ජීවත් වූ ජීවිතයකට, වසන්තයක් නැති කල එය ජීවත් වීමක් යැයි අරුත් ගැන්විය නොවූ සද...













ගිම්හානයේ අහස පිටුවකට සීමා නොවූ කවියයි....





ගිම්හාන අහස මිහිතලය මතට එබී සෙමින් සිපගත් තැන, ලා රතු පොපි මලක් වත ඔසොවා බලයි ලැජ්ජාවෙන් අහස දෙස...







ගිම්හාන සැඳෑව මා දන්නා සොදුරුතම වදන් පෙලයි.... කිමද ගිම්හානයේ ගීය ගිම්හානයම ගායනා කරන හෙයිනි.....











ශරත් සමයේ වස්සානය.... ඇයට නුඹ නුඹව සිප ගන්නට දෙන්න... ඇගේ සොඳුරු වැහි බිඳු වලින් නුඹව සනහා ඇගේ නැලවිලි ගීය කියන්නට ඉඩ හරින්න....











වැහි බිඳු වල නිශ්ශබ්දතාවය නුඹට ඇසේද?








සරත් සමයේ වැහි අඳෝනාවෙන් රක්ත සළුපිලි උනා වැන්දඹු වූ නුඹලා ශීත සෘතුවේ සුදු සළු පොරවයි...




5 comments:

  1. හැබෑවටම නිර්මාණාත්මකයි.. අදයි මේ පැත්තට මුලින්ම ආවේ.. දිගටම ලියන්න ජය..

    ReplyDelete
  2. මේක නම් නියමයි පාශා... මාරම ලස්සනට ගලපලා තියෙනවා...

    ReplyDelete
  3. බොහොම ස්තූතියි....

    ReplyDelete
  4. නියමයි. හැබෑවටම අපූරැ පරිසර රසවින්දකයෙක් වියු යුතුයී ඔබ නම්.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...