Tuesday, November 22, 2011

මුස්පේන්තු නරුමයා





මුස්පේන්තු නොරිස්සීමේ මූලික එල්ලය වන්නේ මිනිස් අභිප්‍රායයි. මේ ව්‍යාධියට ගොදුරු වන තැනැත්තා තුළ සියලු ආශා පහ වී යයි. වසර කිහිපයක් ගිය තැන, තමන්ගේ ම වූ යථාර්තයක් ඉදිකිරීමේ යෝධ කර්තව්‍යය වෙනුවෙන් දරදිය ඇද්ද ඒ ලෝකය අතහැර යන්නට ඔවුහූ අසමත් වෙති.


බාහිර ප්‍රහාරයෙන් වැලකී සිටීමේ උපක්‍රමයක් වශයෙන් මේ අය තමන්ගේ අභ්‍යන්තර වර්ධනයන් හිතාමතාම සීමා කර ගනිති. ඔවුහූ දිනපතා වැඩට යති. රූපවාහිනිය නරඹති. දරුවන් හදති.වදති. රථවාහන තදබදය ගැන මැසිවිලි නගති. එහෙත්, ඔහුගේ හෝ ඇයගේ මේ සියලු ක්‍රියා සිදුවන්නේ ස්වයංක්‍රීයව ය. ඒවා තුල විශේෂ වූ භාවයන් නැත. විශේෂ වූ උද්වේගයන් නැත. මන්ද යත්, අන්තිමේදී, ඔහු හෝ ඇය සම්බන්ධයෙන් වන සියලූ දෑ යකඩ පාලනයකට නතු කොට පවතින බැවිනි.

මේ තිත්ත නො රිස්සීම සම්බන්ධයෙන් මතුවන බරපතළ ගැටළුව වන්නේ ඒ මඟින් ද්වේශය, ආලය, අපේක්ෂා භංගත්වය, උනන්දුව, කුතුහලය වැනි භාවයන් හී ප්‍රභවය ද නතර වීමයි. ටික කලක් යන විට මේ නරුමයා තුල කිසි ආශාවක් ඉතිරි නොවේ. ඔහුට/ ඇයට ජීවත් වීමේ ආශාවක්වත්, මිය යාමේ ආශාවක් වත් නැත. ගැටළුව ඇත්තේ අන්න එතැනයි.

වීරයින් හා උම්මත්තකයින්ට මෙවැනි නරුමයින් නිරතුරුව වසඟ වන්නේ එබැවිනි. ඔවුනට ජීවිතය ගැනවත්, මරණය ගැනවත් බයක් නැත. වීරයෝ හා උම්මත්තකයෝද අනතුරු ගැන  නොතකති. අනුන්ගේ බස් මායිම් නොකර රිස්සක් කරති. පිස්සා සිය දිවි නසා ගනී. වීරයා යම්කිසි අරමුණක නාමයෙන් ජීවිතය පූජා කරයි. එහෙත් දෙදෙනාම මියෙති. මේ දෙදෙනාගේ මුග්ධත්වයත්, විශිෂ්ටත්වයත් ගැන දිවා රෑ සිතමින් නරුමයා කල් ගෙවයි.තමාගේ ආරක්ෂණ පවුර උඩට නැග බාහිර ලෝකය දෙස බලන්නට තරම් හිතේ දහිරියක් නරුමයාට එන්නේ මේ මොහොතේදී පමණි. එහෙත් එවිට ඔහුගේ අත් පා විඩාපත් වී ආපසු සුපුරුදු ජීවිතයටම ඔහු පල්ලම් බසී.


වෙරෝනිකා මැරෙන්න තීරණය කරයි- ගාමිණි වියන්ගොඩ (VERONIKA DECIDES TO DIE ~ Paulo Coeiho)

3 comments:

  1. ම්....යම් තරමකට විරත්වයත් ජිවිතයට අවශ්‍යයි..

    ReplyDelete
  2. @ රාජ්: මෙතැන ඇත්තේ වීරත්වය පිළිබඳ ප්‍රශ්නයකටත් වඩා කිසිවෙක් හෝ කිසිවක් නුරුස්සන්නකු/ නුරුස්සන්නියක පිළිබඳ ප්‍රශ්නයක්...

    ReplyDelete
  3. හප්පේ ඔක්කොම බර වචන නිසා මොකුත් තේරුනෙත් නෑ...කොමෙන්ට් දාලා රාජ් ට උනා වගේ නෝන්ඩි වෙන්නත් බෑනේ .....හික් හික් ....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...