Monday, September 26, 2011

මගේ ජුලියට්.....





මා මරණයට පත් විය...

සඳහන් කළ හැකි, නොහැකි  ප්‍රධාන හේතුව නම් ඇය ය.

මම ඇයට ජූලියට් යැයි කීවෙමි.මගේ ආදර ජුලියට්... ආදරයක් නොවන අනාදරයක්ද නොවන මගේ ආදරයේ හිමිකාරිය ජුලියට්.මුදලේ වටිනාකමට ආදරයෙන් හිත පුරවන ජුලියට්... මා සිත වෙලාගත් රාග කුණාටුව පලවා හරින ජුලියට්...


මැයි මාසයේ ආඳුරු අහස යට අපි දෙදෙනා මුන ගැසෙන්නේ  ආදරයකට යැයි කී කිසිවෙකුදු නොවේ.ඈ ලාභ වත්සුනු තවරා ගත් වත මා අසලට ලඟා කළේ ද ආදරයකට යැයි කිව නොහැක. මගේ ජුලියට්... රතු තොල් සඟල සොලවා කථා කල අයුරු, ඇගේ පිරිපුන් අත් සොලොවා මා හට සන් කල අයුරු...



මහත්තයා... එන්න ....

ඈ මා කැඳවයි. සායමින් රටා දැමූ මුහුනේ ඉරියව් මවයි. හද පත්ලෙන් නොනැඟුන, සිහින් සිනහවකින් මට ඇරයුම් කරයි. 



මගේ ජුලියට්.....



ඈ මගේ ගේෂාවයි, මා සනසන මගේ ගේෂාවයි.... කිමෝනාවක් නැති, අවානක් අත නැති මගේ ජුලියට්.... රතු පැහැ තොල් සඟලින් සැරසී ගත් නුඹ මගේ සොඳුරු ගේෂාවයි...ඇගේ අභිනයන් මා මන්මත් කරවයි.... සිත් පතුලේ හැඟුම් කුණාටුවක් අරභයි....




ඈ මගේ සේවිකාවක වන්නේ යම් සෙයින්ද ඒ ආකාරයෙන්ම මා ඇගේ වහලා බවට පත් කරයි.

මම ඈ පසුපසින් යමි... මගේ ක්ලේශ භරිත හිතද ගතද පෙරටු කොට මම ඈ පසුපස යමි.
ඇගේ රතු සායේ සර සර ශබ්දය ඔස්සේ මම ගමන් කරමි..... හැඟීමක් නැති හැඟුමක එතී මම යමි. 



අඳුරු කාමර කැබැල්ලක් තුල.... සුව නොවූ යහනක් මත මම ඇය සමඟ හැසිරෙමි. 

ඇගේ පිරිපුන් සිරුර මම ගතින් සිතින් එක සේ විඳිමි.... නා නා විද මිනිසුන් වින්දනය කල ඇගේ සඳුන් ආලේපිත පුන් පියොවුරු මමද සිඹිමි..... ඇගේ දෙකලවා මැදින් මමද ඇගේ ස්ත්‍රීත්වය තුලට ඇතුලු වෙමි. දහඩිය මුගුරුවා..ඇගේ ගත මවාගත් සත්ව වෙසකින් විඳිමි, ඇය තුල මගේ රාගයේ ඵලයන් මුදා හරිමි..... කථාවක්ද නැති, පෙම් බසකුදු නැති ආලිංගනයක යෙදෙමි.

සියල්ල අවසන.... 

ඇය හමුවූ අඳුරු රාත්‍රියේදීම ,හැඟුමකින් තොරව.... සිතිවිලි වලින් තොරව, අපේ හමුවීමට විරාමයක් තබමි. ඇගෙන් වෙන්ව යමි...

ඇය මගේ ජුලියට් වූයේ කවදා යැයි මට මතකයට නංවා ගත නොහේ.... ඇය හමු වූ වාර ගණන වැඩි වන්නට වැඩි වන්නට... ඈ මගේ ජුලියට් වූවාය.



මම ඇය හමුවේ මගේ ජීවිතය දිග හරින්නට විණි. ඇය ශරීරයකට සීමා නොවී ආත්මයක ස්වරූපය දෘශ්‍යමාන වන්නට පටන් ගැනුණි..... මුලදී ඇය බොහෝ සෙයින් විරුද්දකම් පාන්නට විය....


අනේ යන්න මහත්තයා යන්න.... මට මගේ රස්සාව කරන්න දීලා... මට මහත්තයාගේ කථා වලින් වැඩක් නෑ.... සල්ලි දීලා කරන දෙයක් කරලා යන්න....



ඇයගේ යාන්ත්‍රීකත්වය.... මට උහුලා ගත නොවීය.... කාලය ගතවිය..... වදනින් තොර සංවාසයක් වදනින් පිරි සංවාසයක් විය. ඇය මා හට සිතින් නැඟි සිනහවන්ගෙන් සංග්‍රහ කරනට විය.... ගනුදෙනුව හැඟීමෙන් අනූන ගණුදෙනුවක් විය.... 


මගේ ජුලියට්.... මම ඇගේ සිරුර රාගය ඉක්මවූ හැඟුමින් ගවේශනය කරන්නට වීමි.... අහසේ අඳුර මට සුභ ආරංචියක් විය..... මම ඇය සොයා ගියෙමි. ඈ හා යහන් ගත වීමි, ඇගේ වදන් අසා සිටියෙමි... ඉදින් මම මගේ ජුලියට් හට ප්‍රේම කෙරුවෙමි.



නමුදු මගේ ජුලියට්..... රතු දෙතොලින් මා සැනසූ මගේ ජුලියට් මා මරණයට පත් කලාය.



ඈ ඒ අඳුරු අහස යට සැඟවී ගොස්ය. ඈ සිටි කාමරය හිස් ව ගොස් ඇත... මහත්තයා... යැයි මා ඇමතූ ජුලියට්... මා අසල සිටි මගේ සොඳුරු ගනුදෙණුකාරිනිය, හුදෙකලාවක මා අතරමං කොට සැඟව ගොස්ය... 



රාගයෙන් පීඩිතව, විරහාවෙන් වල්මත්ව මම ඇය සෙව්වෙමි.

ඇගේ රතු සායේ සර සර ශබ්දය.... ඇගේ රතු දෙතොල මම සෙව්වෙමි.... උන්මත්තකයෙකු සේ මම දින ගනණක් අපි හමුවූ ඒ අඳුරු අහස යට ඇය සොයා ගියෙමි....


අවසන එක් දිනෙක ඇය මට සමුවිය.... ඇගේ රතු සාය හැද මට පිටුපස හරවා, ඇය සිටගෙන සිටියා ය. 


ජුලියට්..... මම ඇමිතීමි.


මහත්තයා කාවද හොයන්නේ...බිස්නස් එකක් කරන්න නන්.... කියන්න... මම කැමතියි....


මම මරණයට පත් වීමි. මගේ හැඟුමින් තොර ශරීරය ශේෂ විය.


ඇය ජුලියට් නොවුවා ය. ඒ රතු ගෑ දෙතොල... රතු සාය.... මා ශරීරය ඇය පිටුපසින් ඒ රතු සාය පිටුපස ගමන් ගති....


මා ශරීරය ඇය හා නොව ඒ රතු දෙතොල හා රතු සාය ඇදි ජුලියට් සමඟ සංවාසයේ යෙදුනි.....  





මගේ ආදර ජුලියට්.... මා මරණයට පත් විය...

3 comments:

  1. මාරයිනෙ.
    ප්‍රස්තූතයනම් ටිකක් සම්ප්‍රදායික වුණාට ලිවිල්ල නියමයි.

    ReplyDelete
  2. බොහොම ස්තූතියි.... මේක පොඩි අත් හදා බැලීමක්

    ReplyDelete
  3. Conclusion: some women are worth being paid .
    romeo :d

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...