මා සබඳ හා මා උරණ වී
මගේ ද්වේශය උන් හට කීයෙන්
නිමා කලෙමි මම
මා උන් කෙරේ වූ ද්වේශය...
ඒ නමුදු...
මගේ රුපු කෙරේ
ඇති ද්වේශය මා තුල
ගොඩ නැඟෙන්නට විය
නොපල හැඟුමක් ලෙසට...
රාත්‍රීන්හී දී මාගේ චින්තාවන් දිය කොට
අළුයම මගේ කඳුළු දිය කොට
වත් කෙරුයෙමි මාගේ ද්වේශයට
ප්‍රභාවත් කෙරුවෙමි මා මගේ සිනාවෙන්
සෞම්‍ය ප්‍රයෝගයන් දැවටාලූ...
දිවා රෑ දළු ලියලා වැඩින
මා ද්වේශය
ඵල දරා ලෝහිත වර්ණයෙන්
මා රුපු දකින ලද
ඔහු එය මගේ බව හැඳින...
රහසේ පියමන් කොට
උන්
අහස රාත්‍රී වේලයෙන් වැසී ගත් යම
අහෝ මා දුටිමි තුටින්
මගේ රුපු වැතිරී සිටි අන්දම
මාගේ තුර යට...
A Poison Tree by William Blake